පුරාවස්තු කැනීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට
පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (23) සවස් කාලයේදී ගිරාඳුරුකෝට්ටේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ගිරාඳුරුකෝට්ටේ අඟලඔය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 – 38ත් අතර පසුවන ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

