ආපසු එනවා කියූ “ප්රියා” සදහටම යන්න යයි
ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත වී තිබේ.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය.
අභාවප්රාප්ත වනවිට ඒ මහතා 80 හැවිරිදි වියේ පසු විය.
දේහය හෙට(25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.
ප්රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි.
අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණේ ය.
රටකින් එහා ඉගිලි තනිවෙන්න බෑ, හෙට දවසේ අප දෙදෙනා, ආදරණීය නේරංජනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, මල්සර හිනාව, ඈත රන් විමන්, ප්රණීත මී බිඳු, මුළු මුහුදම හඬයි, මී කැකුණ කැලේ, සඳ මා ගාවයි, සරතැස නිවා, හිරු ද මුවාවී ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

