ශෙයික් හසීනා එවන්න – බංගලාදේශය ඉන්දියාවට දන්වයි
බංග්ලාදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරිමේ ව්‍යාපෘතියේදී අමෙරිකානු ඩොලර් බිලියන 5ක මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති එරට හිටපු අගමැතිනි ශෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ආරම්භ කිරීම සඳහා ඇය බංග්ලාදේශයට බාර දෙන ලෙස එරට අන්තර්වාර රජය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියානු සමාගමක් විසින් මෙහෙයුම් කටයුතු සිදු කළ ඩකා අගනුවර සිට කිලෝමීටර් 160ක පමණ දුරින් පිහිටි රූපූර් න්‍යෂ්ටික බලාගාරය එරට පළමු න්‍යෂ්ටික බලාගාරය වන අතර, එම ව්‍යාපෘතියේදී අගමැතිනි ශෙයික් හසීනා, ඇගේ පුත්‍රයා වන සජීබ් වසීඩ්, ඥාති දියණියක වන බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම්වරිය ලෙස කටයුතු කරන තුලිප් සිද්දීකි ඇතුළු පිරිසක් එම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදු කළ බවට බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම විසින් හෙළි කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම ව්‍යාපෘතිය ඉදි කිරිමේදී ඩොලර් බිලියන 5ක මුදලක් අගමැතිනිය විසින් මැලේසියාවේ බැංකුවකට යොමු කර ඇති බවත්, එම විමර්ශන කටයුතු ප්‍රමාද කිරීම පිළිබඳ එරට මහාධිකරණය බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසමෙන් ප්‍රශ්න කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

