Latestදේශීය

බේබි 81 – අවාසනාවන්ත සුනාමියේ වාසනාවන්ත ජීවිතය

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු ළදරුවකු ලෙස දිවි බේරා ගන්නා ලද සහ උසාවි සටනකින් පසු තම මවුපියන්ට නැවත භාර දුන් ‘බේබි 81’ හෙවත් සුනාමි දරුවාට වසර 20ක් සම්පූර්ණ වෙයි.

‘බේබි 81’ නොහොත් ජයරාසා අභිලාෂ් නූතන ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික විපතකින් කැඩී බිඳී ගිය පවුලක් නැවත එක්වීම සනිටුහන් කර තිබෙන අතර මාස 2ක් වයසැති අභිලාෂ් බිලිඳා නැඟෙනහිර ශ්‍රී ලංකාවේදී සුනාමියෙන් ගසාගෙන ගොස් ඇති අතර බේරාගත් අය විසින් නිවෙසේ සිට යම් දුරකදී ඔහුව සොයාගෙන තිබේ.

රෝහලේදී ඔහු ඇතුළත් වීමේ ලේඛනයේ අංකය 81 වී තිබෙන අතර ඒ අනුව ඔහු ‘බේබි 81’ ලෙස නම් කර ඇත. ඔහුගේ පියා වන මුරුගුපිල්ලේ ජයරාසා දින තුනක් පුරා විසිරී ගිය තම පවුල සොයමින් ගත කර තිබෙන අතර මුලින්ම ඔහු තම මව සොයාගෙන ඇත. පසුව ඔහුගේ බිරිය ද සොයාගත් නමුත් ඔවුන්ගේ ළදරු පුතා අතුරුදන්ව තිබිණි.

රෝහලේ හෙදියක් දරුවා රෝහලෙන් රැගෙන ගොස් ඇතත්, ඔහුගේ පවුලේ අය ජීවතුන් අතර සිටින බව සැලවීමෙන් පසු දරුවා ආපසු ලබාදී ඇත. එසේ වුවද ‘බේබි 81’ තමන්ගේ යැයි පවසමින් තවත් පවුල් නවයක් තම නම් රෝහලට ඉදිරිපත් කර තිබෙන අතර ඒ නිසා සාක්ෂි නැතිව දරුවා ජයරාසාට සහ ඔහුගේ බිරියට භාරදීම රෝහල් පරිපාලනය ප්‍රතික්ෂේප කළේය.

එම නිසා දරුවාට අයිතිවාසිකම් කියූ කණ්ඩායම්වලට පොලීසියට යෑමට සිදුවූ අතර පසුව අධිකරණයට යොමු කෙරිණි. විනිසුරුවරයා DNA පරීක්ෂණයක් කිරීමට නියෝග කළ අතර එය ශ්‍රී ලංකාවේ DNA පරීක්ෂණ ආරම්භ කෙරුණු මුල් අවධිය ද විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස මේ දරුවා ජයරාසා සහ පවුලට හිමිවිය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *