Latestවිදේශීය

මන්මෝහන් සිං මියයයි

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ.

2004 වසරේ සිට 2014 වසර දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මිය යන විට 92වැනි වියේ පසු විය. 1932 වසරේ වත්මන් පකිස්ථානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වේ.

මන්මෝහන් සිං දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *