අපරාධ පාලනයට කමිටුවක්
ඉහළ යන වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම පිණිස වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙම කමිටුවේ සභාපතිවරු ලෙස කටයුතු කරනු ඇත. ඊට අමතරව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු ද එම කමිටුවට ඇතුළත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 20 දෙනකුගෙන් සමන්විත මේ කමිටුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, පොලිස් විශේෂ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනකු ද අයත් වේ.
එසේම අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත උතුර සහ දකුණ අපරාධ කොට්ඨාසය හා කළුතර, ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් ද එම කමිටුවට ඇතුළත් වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

