කොරියාවේ ගුවන් අනතුර – 179ක් මිය ගිය බවට සැකකෙරේ
පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කරයි.කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක කරන්නේ බේරාගත් පුද්ගලයන් දෙදෙනා හැර සෙසු සියලු දෙනා මිය ගොස් ඇති බවය.
ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව සදහන් කරයි.
අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට ඇත.
ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව තිබේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

