සජිත් ප්‍රතිචාර නොදක්වයි – ඉමිතියාස්ගේ ප්‍රයත්නය අසාර්ථකයි
මැතිවරණ පරාජයන්ට හේතු වූ කරුණු සොයාබලා ඉදිරි මැතිවරණ සඳහා සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතා පක්‍ෂයෙන් දෙවතාවක් ඉල්ලා ඇතත් මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තාවේ.
පැවැති ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා පක්‍ෂනායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙත මේ බව දන්වා පළමු ලිපිය යවා ඇත.
එහෙත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් පක්‍ෂයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් වෙතද ඒ බව දන්වමින් දෙවැනි ලිපියක් ලියා සිහිකැඳවීමක් සිදුකර තිබිණි.
කෙසේ වෙතත් සජබ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතා විසින් කර ඇති මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තවම කිසිදු ප්‍රතිචාරයක් පක්‍ෂය විසින් දක්වා නැතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

