Latestදේශීය

මනූෂගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රිමාන්ඩ්

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර ඇත.

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඉදිරි විමර්ශනවලට මෙම සිද්ධියට අදාළ තවත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීම පිළිබඳ තීරණය කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

ෆින්ලන්තයේ රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 3 ක මුදලක් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේ බිබිල ප්‍රදේශයේ දීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *