Latestදේශීය

මේ මොහොතේ රනිල් හෝ සජිත් බලයේ සිටියා නම්? දයාන් ජයතිලක

ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමේදී මෙරට ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස සිටියේ නම් භයානක තත්වයක් ඇතිවන බවත්, නමුත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක භයානක කරුණුවලදී තිරිංග තද කර ගන්නා බවත් පෙන්වා දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සතියේ නියැලුනු ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙමින් ආචාර්ය දයාන් ජයතිලක මේ බව සඳහන් කර ඇත. ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ ආචාර්ය දයාන් ජයතිලක සමඟ කළ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර තිබිණි.

ලංකාදීප මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව සඳහන් කර තිබුණේ පහත සඳහන් ආකාරයෙනි.

“සාම්පූර් බලාගාරයට එකඟ වෙලා තියෙන්නේ. නමුත් එට්කා ගිවිසුමට එකඟ වෙලා නෑ. තවදුරටත් සාකච්ඡා කරන්න එකඟ වෙලා තියෙනවා. මේ හැම දෙයක් දිහාම අපි සාපේක්ෂව බලන්න ඕන. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ හෝ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක් බලයේ සිටියා නම් ඔය එට්කා ගිවිසුමටත් විදුලි පද්ධති ඒකාබද්ධ කිරීමේ ගිවිසුමටත් පැනලා අත්සන් කරනවා. ඒත් අලුත් ජනාධිපතිවරයා ඒක කළේ නෑ. අනික් එක තමයි භයානක උවදුරෙන් අප බේරිලා තියෙනවා. එනම් ලංකාවේ උතුරුකරය හා ඉන්දියාවේ තමිල්නාඩුව භෞමික වශයෙන් ඒකාබද්ධ කරන පාලම් සහ මුහුද යටින් දිවෙන බිම් ගෙයක් ඇතුලත් ව්‍යාපෘතිය මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්න එකඟ නොවීම.“ යනුවෙන් පවසා තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *