Latestදේශීය

රවීගේ නඩුව යළි කැඳවයි

බැඳුම්කර මංකොල්ලය සිදු කිරීම පිළිබඳව ප්‍රධාන වග උත්තරකරුවෙකු වී සිටින රවී කරුණානායකට එරෙහි නඩුව යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහ බැංකුව බාර අමාත්‍යවරයා ලෙසින් සිටි 2015 වර්ෂයේ දී එම මහා පරිමාණ බැංකු කොල්ලය සිදු කරනු ලැබීය. අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් නම් බ්‍රෝකර් සමාගම එම කොල්ලයට ඍජුව ම දායක වූ අතර, රවී කරුණානායකට ඍජුව වාසි ලබා දී තිබිණි.

මේ සම්බන්ධයෙන් රවී කරුණානායකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග දියත් කර තිබූ අතර එම අධිකරණ ක්‍රියාමාර්ග නැවැත්වීම සඳහා වාරණ නියෝගයක් අභියාචනාධිකරණයෙන් ලබා ගෙන තිබිණි. එම වාරණ නියෝගය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක තීන්දුවට ඉඩ ලබා දෙමින් ඊයේ (04) නියෝග කර ඇත්තේ අදාළ මූල්‍ය අපරාධ නඩුව විභාගයට ගන්නා ලෙසයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *