බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර ගත කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවය.
ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය හෙට දින ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙස නියම කළේය.
එතෙක් සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

