මහනුවර – පේරාදෙණිය දුම්රිය ගමන් යථාතත්ත්වයට
මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අනතුරුදායක තත්ත්වයක් පවතීද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අද (12) පෙරවරුවේ දුම්රියක් ධාවනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
එ් කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය යයි.
එම දුම්රිය පිළිසකර කළ ස්ථානයෙන් පෙරවරු 09 ට පමණ ධාවනය කර ඇති අතර ගැටලුවකින් තොරව දුම්රිය මහනුවර දක්වා ධාවනය කළ බව සඳහන් වේ.
මහනුවර ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ස්ථානයේ වේගය බාල කොට දුම්රිය ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

