Latestවිදේශීය

ඉරාන නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සෙයිද් අබ්දුල්රහීම්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරාන නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් සෙයිද් අබ්දුල්රහීම් මවුසාවි පත් කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් සන්නද්ධ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් හුසෙන් බගෙරිගේ මරණයෙන් පසුව ඇති වූ පුරප්පාඩුව මත මෙම පත් කිරීම සිදුකර ඇත‍.

ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ පත්වීම සිදුකරමින් උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයාට පවසා ඇත්තේ ඉරානයේ ආරක්ෂක සහ ආරක්ෂක සූදානම ශක්තිමත් කරන ලෙසය.

එමෙන්ම විප්ලවවාදී ක්‍රියාමාර්ග හරහා ඉරානයට පවතින තර්ජනවලට කඩිනම් හා ඵලදායි ප්‍රතිචාර දැක්වීමේ අව්‍යශතාවද උත්තරීතර නායකයා මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර ජනරාල් ගොලමලී රෂීඩ් ඝාතනයෙන් පසු මේජර් ජෙනරාල් අලි ෂඩ්මානි, කටම් අල් -අන්ඛියා මධ්‍යම මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ලෙස පත් කර ඇති අතර  ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ (IRGC) නායන හුසේන් සලාමිගේ ඝාතනයෙන් පසු එම තනතුර සඳහා මේජර් ජෙනරාල් මොහොමඩ් පක්පූර් පත් කර ඇති බවත් වාර්තා වේ.

ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරාන උත්තරීතර නායකයා විසින් නව පත් කිරීම් සිදුකරමින් ඊශ්‍රායල ප්‍රහාර මැඩ පැවැත්වීමත් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *