ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරල න්‍යෂ්ටික පරීක්ෂණාගාර ලෙස හදුනාගත් ස්ථාන රැසක් ඉලක්ක කර ගුවන් ප්‍රාහාර මාලාවක් එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් ඉරාන හමුදා ප්‍රධානියා ඇතුළු ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිප දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා පල වෙයි.
මේ වන විටත් සිය ගුවන් කලාප වසා දැමීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති අතර ඉරාන ප්රතිප්රාහරයක් අපේක්ෂාවෙන් ඊශායලයේ ප්‍රධානීන් ආරක්ෂිත ස්ථාන වලට ගොස් ඇති අතර එරට ජනතාවද ඒ වෙනුවෙන් සූදානම් කරමින් පවතී.
ඊශායලයේ න්‍යෂ්ටික බලගාර පිළිබඳ අතිශය රහසිගත තොරතුරු තමන් සතු බවත් තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩාකප්පල් වන ප්‍රහාරයක් සිදු කලහොත් නියත වශයෙන්ම තමන් ප්‍රභල ක්ෂණික ප්‍රති ප්‍රහාරයක් සිදු කරන බව ඉරානය මීට පෙර පවසා තිබින.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සිය ගණනක් බැලැස්ටික් මිසයිල සූදානම් කරමින් පවතින බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

