අධිකරණයට අපහාස කරන සාගර කාරියවසම්
නාමල් රාජපක්ෂගේ න්‍යාචාර්යවරයා මෙන් ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන නීතිඥ සාගර කාරියවසම් අධිකරණයේ තීන්දු අපහාසයට පාත්‍ර කරන ආකාරයේ ප්‍රකාශයක් පසුගිය 11 වෙනි දින පවත්වන ලද නිල මාධ්‍ය හමුවක දී කර තිබේ.
ඔහු සඳහන් කර තිබෙන්නේ රජයේ ජේෂ්ඨ සේවකයින් වන පොලිස්පතිවරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරයා වැනි පුද්ගලයින් අත්තඩංගුවට ගෙන තිබීම විශ්වසනීයත්වය බිඳ වැටීමක් ලෙස ය. එමෙන් ම, එම රාජ්‍ය සේවකයින් අවමානයට හා හෑල්ලුවට ලක් කරමින් සිර ගත කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.
සාගර කාරියවසම් නිශ්චිතව ම සඳහන් කර ඇති පොලිස්පතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කළේ අධිකරණ නියෝගයකින් ය. එසේ තිබිය දී එම නියෝග සම්බන්ධයෙන් විකෘති අර්ථකතන දීමට සාගර කාරියවසම් ක්‍රියා කර ඇති අතර එම නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙනී සිටින බව ද අවධාරණය කර තිබේ.
@Lanka Truth