අනතුරට පත් නෞකාවේ ඇතැම් ද්‍රව්‍ය මෙරට වෙරළ තීරයට ගොඩගසයි
ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එනම් කේරළ සමුද්‍ර තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව පරිසර අමාත්‍යශය අනාවරණය කළේය.
එහි අතිරේක ලේකම් අර්. එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බවය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම නෞකාවේ තිබෙන ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත් ඉහළ යාහැකි බවද පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය තවදුරටත් පැවසුවාය.
එම මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

