Latestවිදේශීය

සිරියාව සහ ජොර්දානය ගුවන වසා දමයි

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබේ.

සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ තම තාක්ෂණික සහ පරිපාලන කණ්ඩායම් කලාපයේ වර්ධනයන් අඛණ්ඩව නිරීක්ෂනය කරමින් සිටින බැවින් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවය.

සිරියානු ගුවන් කලාපය වසා දැමීමත් සමග ඩැමස්කස්, සනාස් සිරියානු ගුවන් සේවය අද (15) දින ගුවන්ගත කිරීමට නියමිත සියලුම ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර තිබේ.

මගීන්ගේ සහ ගුවන් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පළිබඳ සැලකිලිමත් වෙමින් අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් ගුවන් ගමන් අත්හිටුවීම නැවත දැනුම්දෙනතුරු දිගටම පවතින බවද එම ගුවන් සේවය සඳහන් කර ඇත.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත වතාවක් සිය ගුවන් අවකාශය වසා දැමීමට ජෝර්දානය කටයුතු කර තිබේ.

අම්මාන් – සිවිල් ගුවන් සේවා නියාමන කොමිසම පැවසුවේ පැමිණෙන සහ පිටතට ගමන් කරන සියලුම ගුවන් යානා සඳහා ජෝර්දාන ගුවන් කලාපය වසා දමා ඇති බවය.

යුද ගැටුම් හේතුවෙන් පූර්වාරක්ෂාවක් ලෙස සිකුරාදා ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමූ ජෝර්දානය ඊයේ (14) දින නැවත එය විවෘත කළේය.

කෙසේ නමුත් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙනතුරු එම ගුවන් කලාපය වසා දැමීමට ජෝර්දානය කටයුතු කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *