ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සූදානම් – විජිත හේරත්
මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවක ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසිය. යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැදපෙරදිග යුදමය තත්ත්වය තවදුරටත් ත්‍රීවුර වුවහොත් ආසන්න රටවලට ගුවන්යනා යවා ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වෙනත් රටවල තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.
ඊශ්‍රායලයේ සිට නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය දීර්ග කිරීම සඳහා රජය මැදිහත්වන බවද අමාත්‍යවරයා කීය. එළෙස පැමිණ සිටින ශ්‍රී ලාංකියින් යුදමය තත්වය අවසන් වනතෙක් නැවත එරටට යාම අවධානම් බැවින් ඒ සඳහා හදිසි නොවන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.රැකියාවල සුරක්ෂිතභාවය සහ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා කීය.
ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 35ක් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සිටින බවත් දැනට ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු තුවාල ලබා ඇතැයිද කීය. ඔවුන්ට ප්‍රතිකාර සහ අවශ්‍ය කෑම බිම් ලබා දෙන බවත්, අවශ්‍ය මුදල් සහ අනෙකුත් ප්‍රතිපාදන සපයා දී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ව්‍යාපාරික කටයුතු සඳහාද දෙදෙනෙකු එරටට ගොස් ඇති බවත් එම ව්‍යාපාරිකයින් දෙදෙනාද යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කීය.