කිරි හරක් වංචාවෙන් ලක්ෂ 21000ක් රජයට පාඩුකරලා
කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ විස් එක්දාහකට වැඩි මුදලක් රජයට පාඩු සිදු වී ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් මහතා පැවසීය. ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙය අමු අමුවේ මහජන මුදල් විනාශ කිරීමක් බවත්, 2014 වර්ෂයේ සිට 2020 දක්වා මෙම හොරකම සිදුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
මහජන මුදල් හොරා කෑ සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

