ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිය අර්බුදයක
(චතුර පමුණුව)
ඉදිරි දින කිහිපය ඇතුළත ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිය අර්බුදයට ලක්වන තත්ත්වයක් මතුව තිබේ.
ඉරානයේ දිගු දුර බැලස්ටික් තර්ජනවලට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය වන ඊශ්‍රායලයේ ඇරෝ මිසයිල තොගය සීමා වීම මෙයට හේතුවයි. මේ නිසා යුදෙව් රාජ්‍යයට තම ආරක්ෂාව පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල මතු කරන බවත් ඇමරිකානු ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.
බැලස්ටික් මිසයිලවලට බාධා කිරීම සඳහා නිර්මාණය කර ඇති ඇරෝ මිසයිල පද්ධතිය ඊශ්‍රායලයේ ආරක්ෂක උපාය මාර්ගයේ වැදගත්ම අංගයකි. මිසයිල තොග ලබා ගැනීමට කාලයක් වැය වන අතර ඒවා මාසයෙන් දෙකෙන් සැපයිය නොහැකිය. ඒ සඳහා අධික මිලක් දැරීමට ද සිදුවේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

