බදුල්ල මහියංගනය මාර්ගයේ බස් අනතුරින් 3දෙනෙක් මියයයි
බදුල්ල – මහියංගනය ප්රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්රවාහනය කරමින් පැවති බස් රථයකි.
ඔවුන් තඹුත්තේගම ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ.
අනතුර අද සිදුව ඇත්තේ පස්වරු 06ට පමණය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

