Latestදේශීය

ඔබ පටන්ගත් යුද්ධය ඉවර කරන්නේ අපි – ඉරානය කියයි

ඉරාන මාධ්‍ය විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ, ප්‍රධාන අණදෙන නිලධාරී අමීර් හටමි මෙහෙයුම් මැදිරියකදී සෙසු නිලධාරීන් අමතන ආකාරයයි.

එහිදී ඔහු අවධාරණය කරන්නේ, අතීතයේදී එක්සත් ජනපදය ඉරානයට එරෙහිව “අපරාධ” සිදු කළ සෑම අවස්ථාවකම, ඔවුන්ට “ප්‍රබල ප්‍රතිචාරයක් ලැබුණු බවත්, මෙවරත් එය එසේම වනු ඇති” බවත්ය.

මේ අතර, ඉරාන හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහීම් මවුසාවි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව “ඕනෑම ක්‍රියාමාර්ගයක්” ගැනීමේ හැකියාව එක්සත් ජනපදය විසින් තම හමුදාවන්ට විවෘත කර ඇති බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ ඉරානය “කිසි විටෙකත් පසුබට නොවන” බවයි.

ඔවුන් නිකුත් කළ තවත් තර්ජනයක දැක්වූයේ, සති අන්තයේදී එක්සත් ජනපදය සිය ප්‍රහාරවලට ප්‍රතිචාරයකට මුහුණ දෙනු ඇති බවයි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆගාරි සඳහන් කරන්නේ, එක්සත් ජනපදය ඍජුවම යුද්ධයට අවතීර්ණ වී ඉරානයේ “පූජනීය භූමිය” අපවිත්‍ර කළ බවයි.

ඔහු පවසන්නේ, “බලවත් සහ ඉලක්කගත මෙහෙයුම්” හරහා එක්සත් ජනපදය “බරපතළ, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට” මුහුණ දෙනු ඇති බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඉංග්‍රීසි බසින් ඍජුවම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: “ට්‍රම්ප් මහත්තයෝ, සූදුකාරයෝ! ඔයාලා මේ යුද්ධය පටන් ගන්න පුළුවන් – ඒත් ඒක ඉවර කරන්නේ අපි!”

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *