සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට අනාවරණය වී ඇත.
පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු සහ ලේ විසිරී ඇති බිත්ති දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

