ඇමරිකානුවන්ගේ ආරක්ෂාව දැඩි අනතුරක
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති අතර වරින් වර ගුවන් අවකාශය වසා දමා තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අනතුරු ඇඟවීමේ සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙසද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

