ඉරානය ඇමරිකාවට පහරදීම අරඹයි
ඉරානය විසින් ඉරාකයේ සහ කටාර් හී පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙම ප්‍රහාර සදහා බැලස්ටික් මිසයිල යොදාගෙන ඇති බවයි ජාත්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.
පසුගියදා ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හරහා ඇමරිකාව ඊශ්‍රායලයට සහය දක්වමින් ඉරානයට අභියෝග කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම විවිධ රටවල් එම පහරදීම තරයේ හෙලාදැක අදහස් ඵලකළා.
එම පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානය පැවසුවේ ඇමරිකාව ආරම්භ කළ සටහන අවසන් කරන්නේ තමන් බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

