Latestදේශීය

සජින් අත්අඩංගුවට ගන්න

රජයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු නොගෙවීමට එරෙහිව නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (23දා) නියෝග කළාය.

ව්‍යාපාරිකයකු වන සජින් ද වාස් ගුණවර්ධන මහතා 2010 – 2012 වසරවලට අදාළව ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමාසාරිස්වරයා විසින් 2023 වසරේදී එම නඩුව පවරා තිබිණි. එකී වගඋත්තරකරුට සිතාසි භාරදී ඇති නමුත් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි බව පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *