Latestදේශීය

දේශබන්දුට එරෙහිව සාක්ෂි දුන් දේශබන්දු

පොලිස්පති ධුරයේ වැඩ තහනම් කර සිටින දේශබන්දු තෙන්නකෝන් පසුගිය දා (23) පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි ලබා දීම ආරම්භ කිරීමත් සමඟ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත් ද්‍රව්‍ය පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන බැවින් නදුන් චින්තක පිළිබඳව පවත්වන මත් ද්‍රව්‍ය ජාවාරම් පරීක්ෂණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා විසින් බාර දුන් බව දේශබන්දු තෙන්නකෝන් එහිදී ප්‍රකාශ කර තිබිණි. පොලිස්පති යටතේ ම පවතින ආයතනයකට විරුද්ධව ඔහු කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සමාජයෙන් එල්ල වී තිබේ.

හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දූෂිත නම් එම තත්වයෙන් එය මුදවා ගැනීමේ වගකීම ද වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ට තිබූ බවයි. ඔහු එම රාජකාරි වගකීම පැහැර හැර ඇති බව දක්වන හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි වැඩි දුරටත් පළ කළ අදහස් පහත හඬ පටයෙන් දැක්වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *