Latestදේශීය

අධිකරණයට වංචාකල ජොන්ස්ටන් නැවතත් හිරවෙයි

හිටපු ඇමතිවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම පිළිබඳව හෙළි වී ඇති අතර, එම වෛද්‍ය සහතිකය ඉදිරිපත් කළ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබේ.

එය ව්‍යාජ වෛද්‍ය සහතිකයක් බව අදාළ පෞද්ගලික රෝහල ද මේ වනවිට පිළිගෙන ඇත. 2010 – 2014 කාලයේ හිටපු වෙළඳ ඇමති ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රජයට අයත් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් නීති විරෝධීව පෞද්ගලික කටයුතුවලට යොදවා ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙන නඩුවකට පෙනී නොසිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම ව්‍යාජ වෛද්‍ය සහතිකය ඉදිරිපත් කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *