දේශබන්දු සිද්ධිය – ජගත් චන්ද්‍රකුමාර තැතිගනී
දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු කමිටුව හමුවේ අදහා ගත නොහැකි කරුණු රැසක් හෙළි වෙමින් තිබේ.
පසුගියදා (24) එම කමිටුව හමුවේ ප්‍රශ්න කිරීමට ලක් කෙරුණු කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි ජගත් චන්ද්‍රකුමාර සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඔහු ප්‍රකාශ ලබා දීමේ දී දැඩි භීතියකට පත් ව වෙවුලමින් එකිනෙකට පරස්පර විරෝධී ප්‍රකාශ ලබා දී තිබිණි.
මේ අවස්ථාවේ දී “කකුල් වෙවුලන්නේ ඇයි?” යනුවෙන් ද, තවත් අවස්ථාවක දී එම කමිටුවේ සභාපති විනිසුරුවරයා ම “ඔබ ඔය යුනිෆෝම් එක ඇඳ ගෙන ඉන්නවාටත් ලැජ්ජාවක්” ආදී වශයෙන් මෙම ඉහළ නිලධාරියාගේ හැසිරීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

