GossipsLatestදේශීය

මලකුණ ලඟදි ගිජුලිහිණිය හැඬුවා ද?

මහේෂි සූරසිංහ විජේරත්න….. ඇය තමයි අද කතානායිකාව…… විශේෂඥ වෛද්‍යවරියක් නිසා මහේෂිට ලොකු සමාජ පිලිගැනීමක් තිබුණා….. දුමින්ද සිල්වා වැනි අයට ව්‍යාජ වෛද්‍ය සහතික නිකුත් කරපු නිසා මහේෂිට තිබුණු දේශපාලන හයියත් සුළුපටු නැහැ…..

වෛද්‍ය වෘත්තිය දේවත්වයෙන් සලකන වෘත්තියක් වෙන්නේ පොදුවේ අපි කාගෙත් ජීවිත රැදී තියෙන්නේ ඒ අයගේ අතේ නිසයි. එහෙව් වගකීම්සහගත ගෞරවණීය වෘත්තියකට හිමිකම් කියන විශේෂඥ වෛද්‍යවරියක් වන මහේෂි කරලා තියෙන දේවල් කාටවත් අනුමත කරන්න පුලුවන් ද?

යන්තම් අවශ්‍ය මුදල හොයාගෙන, සමහර විට ඉඩම් උගස් කරලා නැත්නම් කනකර උගස් කරලා එහෙමත් නැත්නම් පොලියට හරි සල්ලි හොයාගෙන තමන්ගේ සමීපතමයින්ගේ ජීවිත බේරාගන්න වෛද්‍යවරු කියන කියන දේ කරන්නේ මිනිස්සුන්ගේ පුළුවන් කමකට එහෙම නෙමෙයි කියන එක තේරුම් ගන්න අමුතු හදවතක් අවශ්‍ය නැහැ.

අතේ තියෙන පිච්චියටත් විදලා මිනිස්සු නොදන්න ශල්‍යකර්මවලට එක එක උපකරණ, බෙහෙත් ගෙන්නගෙන මිනිස්සුන්ව ආර්ථිකව මංකොල්ලා කාලා, මොලය මැරුණු ලෙඩ්ඩුන්වත් තවත් දවස් 5ක් විතර තියාගෙන ආයෙත් ලක්ෂ ගණන්වල උපකරණ, බෙහෙත් ගෙන්නගෙන ලෙඩාගේ සමීපතමයින්ව නොමරා මරලා මේ දොස්තර නෝනා කරලා තියෙන අමානුෂික පව්කාර ජීවිතයට සාප ඉල්ලලා නම් වැඩක් නැහැ………. කලකම් පලදෙයි කියලා හිත හදාගෙනනම් වැඩක් නැහැ…

අපි බලලා තියෙන බොලිවුඩ් චිත්‍රපටයක් මේ වෙලාවේ මතකයට එනවා………….

“ගබ්බර්”

ඔව්.  මේවගේ අමානුෂික සහ අයුක්තිසහගත ක්‍රමවේදයක් දවසෙන් දෙකෙන් වෙනස් වෙයි කියලා හිතන්න බැරි නිසාම ගබ්බර්වරුන්ගේ අඩුව අපිට තදින්ම දැනෙනවා………….

නීතියට උඩින් යුක්තිය රජයන සමාජයක් වෙනුවෙන් අපි ගබ්බර්වරුන්ගේ හෝ මනුෂ්‍යයින්ගේ භූමිකාව අත්පත් කරගත යුතුයි. එහෙම නැතුව කෙහෙළියලා, මහේෂිලා  මේ නටන සෙල්ලම වෙනකවුරුත් ඇවිත් නවත්වයි කියලා හිතෙනවා නම් ඒ හිතන අයට කියන්න තියෙන්නේ “සොරි” කියලා විතරයි.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *