අර්ජුනාගේ මන්ත්‍රීධූරයට කුමක්වෙයි ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූල නොවන නීති විරෝධි ආකාරයෙන් අර්ජුනා රාමචන්ද්‍රන් මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් ඊයේ (26) ඔහුගේ නීතිඥයින් මාර්ගයෙන් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කළ අර්ජුනා රාමචන්ද්‍රන් රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් බවට පෙත්සම්කරු පෙන්වා දී තිබේ.
මේ අනුව, ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම නීති විරෝධි බව ප්‍රකාශයට පත් කරන මෙන් අදාළ පෙත්සමෙන් ඉල්ලා සිටී. ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ එම පෙත්සම විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබා දෙනු ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

