හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එළඹෙන ජූලි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග නියෝග කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා ලෙස දේපළෙ රැස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුවය.
එලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග අද නියෝග කර ඇත.
ඔහු 2019 ජනවාරි 01 දින සිට 2023 දෙසැම්බර් 22 දින දක්වා අතර කාලය තුළදී උපයාගත හැකි ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ දේපලක් රැස්කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

