Latestදේශීය

ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉන්දුනීසියාව සූදානම්

ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට අයත් විවිධ ක්ෂේත්‍රවල ඒකාබද්ධ ආයෝජන දියත් කිරීමට ඉන්දුනීසියාව නිල එකඟතාව පළ කර තිබේ.

ඉන්දුනීසියාවේ මෙරට සිටින තානාපතිනිය ඇතුළු නියෝජිතයින් ප්‍රවාහන, මහා මාර්ග, වාරය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හමු වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. එම හමුවීම පිළිබඳව අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉන්දුනීසියාව සූදානම්

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඉන්දුනීසියාව අවධානය යොමු කරයි. ඒ සඳහා අවස්ථා සලසා ගැනීම අපේක්ෂාව බව ඉන්දුනීසියා තානාපතිනිය සඳහන් කලේ මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පැවති සාකච්ඡාවකදී ය. ඊට අමතරව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රවල ඒකාබද්ධ ව කටයුතු කිරීමට ද ඉන්දුනීසියාව සූදානමින් සිටී. ඉන්දුනීසියා තානාපති සමග නියෝජ්‍ය තානාපති ද සාකච්ඡාවට එක් වූහ. එහිදී ඉන්දුනීසියාවේ දුම්රිය සේවා ආශ්‍රිත විශේෂ ජයග්‍රහණ පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනුණි.

ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘති සම්බන්ධව ද දෙපාර්ශවය සාකච්ඡා කළේ ය.
රටවල් දෙක අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ද සාකච්ඡාවේ අරමුණකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *