ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් ලංකා ගුවන් සමාගම හිටපු සභාපතිවරයෙකුද වන නිශාන්ත වික්‍රමසිංහ මහතායි.
ගුවන් ගමන් වෙනස් කිරීමක් හා දේශපාලන රැස්වීමකට සමාගමේ මුදල් යෙදවීමෙන් රජයේ මුදල් අවභාවිත කලේ යයි එම කොමිසම් සභාව විසින් සිදු කරන පරීක්ෂණයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
- 2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම
- 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම
- 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

