Latestදේශීය

රනිල් 400ක් පිරිවරා කෝටි 100ක් වැයකර විදේශ සංචාරවල

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගී වූ විදේශ සංචාරවලට පුද්ගලයින් 426 දෙනෙකු සහභාගී කර ගෙන තිබේ.

එම සංචාර වෙනුවෙන් මහජන ධනය රුපියල් කෝටි 100 ඉක්මවූ වියදමක් දරා ඇත. එම වියදම් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

රනිල් වික්‍රමසිංහ 2022 වසරේ විදේශ සංචාර 4කට පුද්ගලයින් 63 දෙනෙකු සහභාගී කර ගෙන රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් වැය කර තිබිණි. 2023 දී විදේශ සංචාර 14ක් සඳහා පුද්ගලයින් 252ක් රැගෙන ගොස් මහජන ධනය රුපියල් කෝටි 58කට ආසන්න මුදලක් වැය කර ඇත. එමෙන් ම, 2024දී විදේශ සංචාර 5කට පුද්ගලයින් 111 දෙනෙකු සහභාගී කර ගෙන රුපියල් කෝටි 30ක් වැය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ විදෙස් සංචාර සඳහා එක් එක් වර්ෂයේ වියදම්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ සංචාර

එම විදෙස් සංචාර සඳහා රැගෙන ගිය පුද්ගලයින් සංඛ්‍යාව

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ සංචාර

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *