පර්යේෂණ, සංවර්ධන වැඩපිළිවෙල විධිමත් සහ වේගවත් කරයි
මෙරට ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම මෙන් ම, නව පර්යේෂණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන්, ව්‍යවසායකින් ඇතුළු ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇත.
විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇතුළු එම විශේෂඥයන් පිරිස ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගියදා (27) නිකුත් කළ නිවේදනයක වැඩි විස්තර දැක්වේ.
නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ සාකච්ඡා මාලාවක්
මෙරට පර්යේෂණ සහ සංවර්ධන (Research & Development ) ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් රජය මේ වන විට වැදගත් පියවර කිහිපයකට එළැඹ තිබේ.
නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC) සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සම්පත්දායකත්වය සපයා ඇත.
මෙම නව පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ වැදගත්කමද හඳුනාගෙන ඇති අතර, මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාවක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතය.
අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්රවල විශේෂඥයින් මෙම රැස්වීම් සඳහා සහභාගී වීමට නියමිත අතර, සියලුම අංශවල අවශ්‍යතා සහ අපේක්ෂා මෙම පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අන්තර්ගත කර ගැනීම එහි අරමුණයි.
මෙම නව ප්‍රතිපත්තිය මගින් රජයේ ජාතික සංවර්ධන දැක්මට සමගාමීව, නවෝත්පාදන වාණිජකරණය වේගවත් කිරීමත්, එමගින්, සමාජ සංවර්ධනය හා පරිසර තිරසරභාවය අත්පත් කර ගැනීමත් අපේක්ෂා කෙරේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

