Latestදේශීය

ඇලෝසියස්ට ආයෙත් නඩු

රජයට අයවිය යුතු රුපියල් එකසිය තුන් කෝටි පනස් හතර ලක්ෂ හැත්තෑ තුන්දහස් නවසිය අසූ අටකට (රු. 1,035,473,988) අධික වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට හා ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන් යන අයට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ නඩු පවරා තිබේ.

ඒ අනුව, ඔවුන්ට ලබන ඔක්තෝබර් මස 13 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත් අද (30) නියෝග කර ඇත.

වග උත්තරකරුවන් 2019 හා 2020 වර්ෂවලට අදාළ රුපියල් එකසිය තුන් කෝටි පනස් හතර ලක්ෂ හැත්තෑ තුන්දහස් නවසිය අසූ අටකට (රු. 1,035,473,988) අධික වැට් බදු මුදලක් රජයට නොගවා පැහැර ඇති බැවින් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය එසේ නියම කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙරද වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් එම සමාගමකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර ඒ අනුව ඔවුන්ට මාස හයක සිර දඬුවම් විඳීමටද සිදු විය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *