කෝටි 2ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
වත්තල පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39කට ආසන්න කේරළ ගංජා තොගයක් වත්තල පොලීසිය සොයාගෙන තිබේ.
ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇති අතර පොලීසිය පැවසුවේ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 ඉක්මවන බවය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීමට සූදානම් කර තිබූ බවත් අදාළ වැටලීමේදී සැකකරුවන් 6 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක, කැලණිය දිස්ත්‍රික් භාර ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි වත්තල ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා සහ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංග මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

