Latestවිදේශීය

තායිලන්තය අගමැතිනියට ජනතාවගේ දැවැන්ත විරෝධය

තායිලන්තයේ බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබේ.

ඒ තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.

අසල්වැසි කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති දෙකකට පමණ පෙර මාධ්‍යය වෙත ලැබී තිබූ අගමැතිවරියගේ රහස් දුරකථන සංවාදයකට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතා ආරම්භ කර ඇත.

අගමැතිවරිය, කාම්බෝජයේ හිටපු අගමැති හන් සෙන් සමඟ සිදුකර තිබූ මෙම මතභේදාත්මක දුරකථන සංවාදය පිළිබඳ දැඩි කතාබහක් ඇතිවූයේ එම ඇමතුම මඟින් ඇය තම රටට හානි වන ආකාරයේ සහ සිය හමුදා ප්‍රධානියෙකු පිළිබඳ විරුද්ධවාදී අදහස් පලකර තිබීම හේතුවෙනුයි.

38 හැවිරිදි ෂිනවත්‍රා බලයට පත්වූ 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ විවිධ අවස්ථාවලදී රජයට විරෝධතා එල්ල වූ අතර මෙතෙක් පැවැති විශාලතම විරෝධතාවය බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.

අගමැති ෂිනවත්‍රාට එරෙහිව ලබන මාසයේදී විශ්වාසභංග යෝජනාවක්ද ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට වත්මන් රජයේ පාර්ශ්වකාර පක්ෂ රජයට සහාය දැක්වීමෙන් ඉවත් වෙමින් සිටින බවද වාර්තා වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *