විදුලිබලයෙන් 72%ක් පුනර්ජනනීය බලශක්තියෙන්
පසුගිය ජුනි මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනයෙන් 72%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ධම්මික විමලවීර පවසන්නේ 1990 දශකයෙන් පසු මෙම තත්වයට ලඟාවූ පළමු අවස්ථාව මෙය බවය.
පසුගිය මාස කිහිපය තුළ පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීම 70% ප්‍රමාණයට ආසන්නව පැවති බවද, මෙම මාසයේ එය 70% සීමාව ඉක්මවා ගිය බවද ඔහු සඳහන් කරයි.
පසුගිය මාස කිහිපය තුළ රට තුළ දක්නට ලැබුණු හිතකර කාලගුණික තත්වය සහ සූර්ය, සුළං සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතිවල අඛණ්ඩ ආයෝජන සහ වැඩිදියුණු කළ ජාල ඒකාබද්ධතාවය ආදිය මෙයට හේතු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

