ආන්ඩුව අපෙන් උදව් ගන්න – රවී කරුණානායක
ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද සහයෝගය ලබා ගනිමින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය ආර්ථිකයටද හිතකර වනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද පැවසීය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආර්ථිකය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකරනවා. ඒ අය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.
මීට පෙර තිබූ ආකාරයට නොවෙයි අය-වැය සකස් කර තිබෙන්නේ. මේ තත්ත්වයන් වෙනස් වී තිබෙනවා. හැම අවස්ථාවකදීම ආණ්ඩුව උදාහරණ ගන්නා විට සිදුව තිබෙන දේවල් බලා කතා කරන්න. දැන් බැණ බැණ ඉඳ වැඩක් නැහැ. මොකද දැන් වැඩකළ යුතුයි.
අද වනවිට අස්වැසුම ලක්ෂ 24 දක්වා වැඩි වී තිබෙනවා. හතර දෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත් වෙන්න පසුගිය කාලයේදී රුපියල් හැටහත්දහසක් අවශ්‍යයි. නමුත් අද එය විශාල ලෙස වැඩි වෙලා. අද වනවිට තරුණයන් අතර අසහනයක් තිබෙනවා.
මම ආණ්ඩුවට කියනවා, පුළුවන්තරම් ආයෝජන සිදු කරන්න. ආයෝජන අවස්ථා පුළුල් කරන්න. රටක් ලෙස අපි විශාල ණය ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබෙනවා.
මම හිතන විදිහට පුළුවන් තරම් ව්‍යවසායක අවස්ථා පුළුල් කළ යුතුයි. බිලියන 20ක් දාලා ශ්‍රීලංකන් ආයතනය හදන්න බැහැ කියලා මම එදාත් කිව්වා. ඒ නිසා මහා පරිමාණ ගුවන් සමාගමකට තමයි මේක ශක්තිමත් කළ හැක්කේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

