Latestවිදේශීය

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟයි – ට්‍රම්ප් කියයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බව සඳහන්ය.

සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්‍රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *