Latestදේශීය

වැරදිනම් අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවා – සුනිල් හදුන්නෙත්ති

රේගු පරීක්ෂාවකින් තොරව බහලුන් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසියම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යෙන්ම දඩුවම් දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මෙම සිදුවීම ගැන සෙවීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව විපක්‍ෂ මන්ත‍්‍රි මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

කමිටුව පත් කළේ වත්මන් රජය විසින් බවත් මහ බැංකු සිදුවීම වැනි අනෙකුත් සිදුවීම් මෙන් මෙම සිදුවීම වසා දැමීමට උත්සාහ නොකළ බවත් අමාත්‍ය ඔහු පැවසීය.

අදාල කමිටු වාර්තාව මුබාරක් රහුමාන් මන්ත්‍රීවරයා වාර්තාව ඉදිරිපත් කිරීම ගැන සතුටු වන බවත් එය තවම නිල වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් පසු නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කරන බවත් අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසයි.

අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් තවම වාර්තාව දැක නැති බවත් මන්ත්‍රීවරයා සභාගත කළ වාර්තාව නිවැරදි නම් නිල වශයෙන් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඬුවම් දෙන බවත් හෙතෙම අවධාරණය කලේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *