කොන්දේසි විරහිතව වරද පිළිගන්නවා – හර්ෂ ඉලුක්පිටිය
කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ, විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි වන චෝදනාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළවය.
ඊට අදාළ නඩුව ඊයේ (01) කැඳවූ අවස්ථාවේ ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මෙලෙස වරද පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

