Latestදේශීය

කහවත්තෙන් අළුත්වන පොලීසි‌යේ ඉතිහාසය

කහවත්ත බුංගිරිය ප්‍රදේශයේ දී පසුගිය 30 වෙනි දින රාත්‍රියේ දී තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර, කහවත්ත පොලිස් ස්ථානාධිපති සුමිත් කරුණාරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සඳහා යාපනයට මාරු කර යවා තිබේ.

පැහැර ගන්නා ලද තරුණයන් කහවත්ත ඇන්දාන කොස් කැලේ ප්‍රදේශයට ගෙන ගොස් වෙඩි තබා ඇත. පොලිස් නිලධාරීන් එම වෙඩි තැබීම සිදු කර ඇතැයි බරපතළ සැකයක් පවතී. වෙඩි ප්‍රහාරයට ලක් වූ අනෙක් තරුණයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා එක් තරුණයෙකුගේ පියෙකු කහවත්ත පොලිසියට ගොස් ඇති අතර, එහි සිටි නිලධාරීන් බීමත්ව පැමිණිල්ල බාර ගැනීම මුලදී ප්‍රතික්ෂේප කර ඇතැයි හෙළි වී තිබේ. පොලිසියේ යැයි තමන් හඳුන්වා දුන් පුද්ගලයින් පැහැර ගැනීම සිදු කිරීමත්, රාජකාරි වෙලාවේ බීමතින් සිටීමත් පැමිණිල්ල බාර ගැනීම මුල දී ප්‍රතික්ෂේප කිරීමත් පිළිබඳව කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමේ දැඩි අවධානයට ලක් වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *