Latestදේශීය

රාජිත අසනීප වුනේ ඇයි?

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඉදිරියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමතිවරයෙකු වන රාජිත සේනාරත්නට ඊයේ (02) නියෝග කර තිබුණ ද, හදිසි අසනීප තත්වයකින් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් දන්වා ඇත.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව අත්තනෝමතික ව ක්‍රියා කර ඇතැයි අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කරුණු දක්වා තිබිණි. එම ව්‍යාපෘතිය අත්තනෝමතික ලෙස කොරියානු සමාගමකට ලබා දී රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබිණි.

රාජිත සේනාරත්න ඇතුළු බොහෝ පිරිසක් මේ ආකාරයෙන් අසනීප වීම මෑත කාලයේ සුලබ ව නිරීක්ෂණය කළ හැකි තත්වයකි. මූල්‍ය අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් මේ ආකාරයෙන් හදිසියේ අසනීප වීම පොදු තත්වයක් බවට පත් වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *