Latestදේශීය

වලානේ දැලට හසුවූ හිටපු ඇමති

(හේමන්ත රන්දුණු)

නීතිවිරෝධී අන්දමින් එකළස් කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමෙන් යුත් අති සුඛෝපභෝගී ජීප් රථ 06ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර විකිණූ බව කියන බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුට එරෙහිව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මහ පරිමාණ ජාවාරමට සම්බන්ධ හිටපු ඇමැතිවරයාගේ සමීපතමයන් කීපදෙනකු ඉදිරි දින කීපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු ඇමැතිවරයාට අයත් නීතිවිරෝධී ජීප් රථ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කීපදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු ඇමැතිවරයා විසින් අලෙවි කළ ව්‍යාජ වෑන් රථයක් සහ ජීප් රථයක් සමග ඔහුගේ සමීපතම ගෝලයකු, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී හිටපු ඇමැතිවරයා ඇතුළු ඔහුගේ සමීපතමයන් මෙම වාහන ජාවාරමට සම්බන්ධ බවට හෙළි විය.

මෙම හිටපු ඇමැතිවරයා ව්‍යාජ ලෙස සකස් කර විකිණූ ජීප් රථ 06 සන්තකයේ ඇති පුද්ගලයන් ද මේ වනවිට වලාන දූෂණ මර්දන ඒකකය විසින් සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

හිටපු අමාත්‍යවරයා, සිය අමාත්‍ය ධුරය දරන සමයේ දේශපාලන බලය යොදාගෙන ජීප් රථ අමතර කොටස් හොර රහසේ ගෙන්වා ඒවා එකලස් කර නීතිවිරෝධි ලෙස ලියාපදිංචි කරගෙන පසුව විකුණා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *