Latestදේශීය

අළුත් නඩු 86ක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ව්‍යාපාර ආයතන 86ක් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩු 86 ගොනු කිරීමට නියමිත ය. කොළඹ, බත්තරමුල්ල, කැස්බෑව, දෙමටගොඩ, හෝකන්දර, අතුරුගිරිය, මාලබේ, දෙහිවල ඇතුළු ප්‍රදේශ රැසක එම ආයතන ස්ථාන ගත වී තිබේ.

ඊට අමතරව, බදුල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකෙහි ද ව්‍යාපාරික ආයතන රැසකට නඩු පැවරීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *