Latestවිදේශීය

ග්‍රීසිය ගිනිබත් කළ ලැව් ගින්න

ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් ඇති තිබේ.

මේ හේතුවෙන් එහි සිටි දහස් ගණනක් ජනතාව කඩනමින් ඉවත්කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් දැඩි සුළං හේතුවෙන් ගිනිනිවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් නිවාස හා ව්‍යාපාරවලට දැඩි හානි සිදුව තිබේ.

ක්‍රීට් දූපතේ අච්ලියා ප්‍රදේශයේ ඇතිව තිබෙන මෙම ගින්න වනාන්තර සහ කඳුකර භූමි ප්‍රදේශ හරහා වේගයෙන් පැතිර යමින් තිබෙන බව සඳහන්.

පුද්ගලයින් 5,000ක් පමණ මේ වනවිටත් ප්‍රදේශයෙන් ඉවත්කර ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය එහි හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයින් බව වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ හානිය විශාල බවත්, වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ දෙකෙහිම නිවාස, වනාන්තර, හෝටල් ඇතුළු ව්‍යාපාර විනාශ වී ඇති බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *